දේපල උරුම වන්නේ කොහොමද?

දේපල උරුම වන්නේ කොහොමද?

මේ පිළිබද නීතිය ඇත්තේ විවාහ උරුම සහ අයිතිවාසිකම් ආඥා පනතේ ය.

දේපල උරුමය යනු මිය ගිය තැනැත්තෙකුගේ දේපලට උරුමකම් පෑම ය. ආඥා පනතේ  ඇති විධිවිධාන අනුව දේපල උරුම වන්නේ මෙසේය:

පුද්ගලයකු මිය ගිය විට එකී මිය ගිය තැනැත්තාගේ නමට ඇති දේපල සම්බන්ධයෙන් මිය ගිය පුද්ගලයා අන්තිම කැමති පත්‍රයක් ලියා නොමැති නම් පමණක් මෙම දේපල උරුමයට අදාල විධිවිධාන අදාල වේ.

ඒ අනුව කෙනෙක් මිය ගිය විට ඔහුගේ හෝ ඇයගේ කාලත්‍රයාට මියගිය අයගේ දේපලින් අඩක් හෙවත් ½ ක් හිමි වේ. (කාලත්‍රයා යනුවෙන් අදහස් කරන්නේ ජීවත්ව සිටින විවාහක භාර්යාව හෝ සැමියා ය) ඉතිරි අඩ හෙවත් ½ ක කොටස දරුවන් හට සමසේ උරුම විය යුතුය.

මිය ගිය තැනැත්තාට දරුවන් නොමැති විටක මිය ගිය අයගේ දෙමාපියන් ජීවත් වේ නම් ඔවුන්ට එම දේපලෙහි ඉතිරි අඩක කොටස සමානව උරුම වේ. නමුත් දෙමාපියන්ගෙනුත් ජීවත් වන්නේ එක් අයෙකු පමණක් නම් එම ජීවත්ව සිටින පියාට හෝ මවට හිමි වන්නේ අඩකින් අඩක් හෙවත් ¼ ක කොටසකි. ඉතිරි කොටස හෙවත් ¼ ක කොටස හිමි වන්නේ මිය ගිය අයගේ සහෝදර සහෝදරියන්ට හෝ ඔවුන්ගෙන් පැවතෙන්නන්ට සමනව ය. ඔවුනුත් නැත්නම් ලේ ඥාතීන්ට උරුම කම් කිව හැකිය.

දරුවන් නොමැතිව මිය ගිය තැනැත්තාට සහෝදර සහෝදරියන් ද නොමැතිව සිටියේ නම් ජීවත්ව සිටින මවට හෝ පියාට සියල්ල හිමි වේ.

මිය ගිය තැනැත්තාගේ අර්ධ සහෝදර සහෝදරියන්ට (බාප්පාගේ, පුංචි අම්මාගේ, ලොකු අම්මාගේ දරුවන්) ට දේපල උරුම වන අවස්ථා:

මිය ගිය තැනැත්තා මිය යන අවස්ථාවේ දී දරුවන් ද නොමැතිව, දෙමාපියන් ද නොමැතිව සිටියේ නම් අර්ධ සහෝදර සහෝදරියන්ට දේපල උරුම වේ. මෙය බෙදෙන්නේ පිය පාර්ශවයේ අර්ධ සහෝදර සහෝදරියන්ට අඩක් සහ මව් පාර්ශවයේ අර්ධ සහෝදර සහෝදරියන්ට අඩක් වශයෙනි. අර්ධ සහෝදර සහෝදරියන් සිටින්නේ එක් පාර්ශවයකට පමණක් නම් ඔවුන්ට සියල්ල උරුම වේ.

අවජාතක දරුවකු නම් පියා ගේ දේපල උරුම නොවන අතර මවගේ දේපල පමණක් උරුම වේ.

උරුමක්කරුවන් කිසිවෙකුත් නොමැති නම් එම දේපල රජයට පැවරේ.

(නමුත් තේසවලාමේ නීතියට යටත් අයට ද, උඩරට නීතියට යටත් අයට ද, මුස්ලිම් නීතියට යටත් අයට ද දේපල උරුම විධිවිධාන මෙයට වෙනස් බව සැළකිය යුතුය.)