වෛරී ප්‍රකාශන කිරීමෙන් වළකින්න - මානව හිමිකම් කොමිෂන් සභාව

වෛරී ප්‍රකාශන කිරීමෙන් වළකින්න - මානව හිමිකම් කොමිෂන් සභාව

අප  ජනතාව පමණක් නොවකලොව පුරා වසන ජනතාවද දැවැන්ත අර්බුදයකට මුහුණ පා සිටින මෙම අවස්ථාව දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසුව මානව වර්ගයා මුහුණ දෙන ප්‍රබලතම අභියෝගයයි.  මෙම වර්තමාන අධි-වසංගත අභියෝගය ජය ගත හැකි වන්නේ සාමානය පුරවැසියන්ගේ අධිෂ්ඨාන ශක්තිය සහ  ස්වයං පාලනයට ඇති  හැකියාව තුලින් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මතක් කර සිටියි. 

සෑම අවස්ථාව දීම මෙන් දැනුදු අපගේ සෞඛ්‍ය ඇතුළු සියලු මානව අයිතිවාසිකම් ඉහල මට්ටමකින් භුක්ති විඳීම සඳහා පුරවැසියන් වශයෙන් අප වෙත පැවරී ඇති යුතුකම් මැනවින් ඉටු කළ යුතුම ය.  දිවා රෑ නොතකා අප සියලු දෙනා වෙනුවෙන් වෙහෙසෙන සියලුම බලධාරීන්, විශේෂයෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නියැලී සිටින නිලධාරීන් වෙත මානව හිමිකම් කොමිෂන් සභාව සිය හෘදයාංගම ප්‍රණාමය පුදකර සිටියි.

දැනට උද්ගතවී  ඇති අප වාතාවරණය තවදුරටත් තීව්ර කරමින් පසුගිය දින කිහිපය පුරා සමාජ මාධය ඔස්සේ මෙන්ම ප්‍රධාන ප්‍රවාහයේ මාධය විකාශන තුළින් ද ලාංකේය මුස්ලිම් ජනතාවට එරෙහි වෛරී ප්‍රකාශන වර්ධනය වීමේ පැහැදිලි ප්‍රවණතාවයක් අප විසින් නිරීක්ෂණය  කරනු‌ ලැබේ. මෙම වෛරී ප්‍රකාශනයන්ගේ හරය ලෙස නිරික්ෂණය වන්නේ වන්නේ මුස්ලිම් ප්‍රජාවගේ ක්‍රියා කලාප තුලින් කොවිඩ් -19 වෛරසය පැතිරීමට වැඩි ඉඩක් සැලසී ඇති බවයි.  මෙවැනි වෛරී ප්‍රකාශන තුළින් දැනට අප මුහුණපා ඇති ප්‍රබල සෞඛ්‍ය තත්වයට ජාතිවාදී මුහුණුවරක් නිර්මාණය කිරීමක් සිදුවන බව පැහැදිලි ය. මෙම ප්‍රයත්න වල මූලික අරමුණ සහ පසුබිම කුමක් වුවද ඒවායේ ප්‍රතිඵල ඉතාම අනිසි ඵල විපාක ගෙන දීමට සමත් විය හැකිය.   

‌මෙම අධි-වසංගතය ජාති කුල ආගම් හෝ කවර බේදයකින් හෝ තොරව මුළු මානව වර්ගයාටම එල්ල වී ඇති මාරාන්තික අභියෝගයකි. මෙම වෛරසය පැතිරෙන ආකාරය කිසිදු ප්‍රජාවකට හෝ සමාජ පන්තියකට ලඝු නොවේ. ඒ නිසා මෙවැනි අභියෝගාත්මක අවස්ථාවක දී ශිෂ්ඨ සම්පන්න සමාජයක් ලෙස අප කළයුතු වන්නේ සියලු පුරවැසියන් එක්සේසත් වී මෙම වසංගතය සාමූහිකව පරාජය කිරීමට වගකීමෙන් කටයුතු කිරීමය.

එහෙයින්, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ලෙස අපගේ ජනතාවගෙන් අප කාරුණිකව ඉල්ලා සිටින්නේ දැනට ඉස්මතු වී ඇති බැරෑරුම් තත්වය හොදින් අවබෝධ කර ගෙන ඒම අභියෝගය සාමූහික විසදුමක් තුළින් ජය ගැනීමට කටයුතු කිරීම අපගේ අධිෂ්ටානය බවට පත්කර ගත යුතු බවත්, වගකීම් විරහිතව  කටයුතු  කර වර්ගවාදී හෝ ආගම්වාදි අර්බුදය ට සමාජය ලක් කිරීකමන් වැළකී සිටිය යුතු බවත් ය. 

 එමෙන්ම මෙම අවස්ථාවේ දී අපගේ මහජන නියෝජිතයන්ගෙන්, රාජ්‍ය නිලධාරින්ගෙන් සියලුම මාධ්‍ය ආයතන වලින් වෛරී ප්‍රකාශන කිරීමෙන්, විකාශනය කිරීමෙන් වැළකී සිටින මෙන් ඉල්ලා සිටිමු. විශේෂයෙන්ම වෛරසය ආසාධනය වූ පුද්ගලයන් හෝ රෝගීන් වාර්ගික හෝ ආගමික පදනම මත හඳුන්වාදීම කිසිකසේත්ම නොකළ යුතු බබව අප තරයේ අවධාරණය  කරමු.