ආගමික නිදහස මූලික අයිතිවාසිකමක් ද?

1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි පරිච්ඡේදයේ 10 වැනි ව්‍යවස්ථාවට අනුව සෑම තැනැත්තෙකුටම තමන් කැමති ආගමක් ඇදහීමටත් යම් ලබ්ධියක් හෝ විශ්වාසයක් දැරීමේ නිදහසත් සිතීමේ සහ හෘදය සාක්ෂියේ නිදහසත් සදහා අයිතිය ඇත්තේය.

මෙහි සදහන් වන අයිතිවාසිකම පුරවැසියන්ට ඇති නිදහසකි. මෙම නිදහස අනුව තමාගේ ආගම හෝ ආගමික විශ්වාසයන් ප‍්‍රකාශයට පත් කිරීමට ද එම විශ්වාසයන්ට අනුව ආගමික වතාවත් වල යෙදීමට ද එම විශ්වාසයන් අන් අයට ඉගැන්වීමට ද නිදහස ඇත.

එම නිදහස අනුවආගමික ස්ථාන ඉදි කිරීමටල වන්දනාමානයට ලක් කරන පිළිමල වෘක්ෂ වැනි දෑ ඉදිකිරීමටල සිටුවීමටල ස්ථානගත කිරීමට ද හැකිය. විවිධ ආගම් වලට අයත් තැනැත්තන් වන්දනාමාන කිරීමේ අරමුණින් විවිධ ඉදි කිරීම් කර එවැනි ගොඩනැගිලි තුළ වන්දනාමාන කළ යුතු යැයි අදහස් කරන ද්රීව්යවලපිළිම වැනි දේ ස්ථාන ගත කරයි. මෙවැනි ස්ථාන පුද්ගලික වාසස්ථාන තුළ මෙන්ම පොදු ස්ථාන වල ද ඇතග එම නිසා සෑම පුරවැසියකුටම පුද්ගලිකව තනි තනිව හෝ පොදුවේ ප්රිජාව සමග එක් ව හෝ පුද්ගලිකව හෝ පොදු ජනයා සමග එක්ව වන්දනාමාන කිරීම සදහා වූ මූලික අයිතිවාසිකමක් ඇත.

ආගමික නිදහස යන අයිතිවාසිකම තුළට කාරණා තුනක් ඇතුලත් වන බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින්පෙන්වා දී ඇතග එනම්ල ආගමික විශ්වාසයට ඇති නිදහසල ආගමික වතාවත්වල යෙදීමට ඇති නිදහස සහ වන්දනීය ස්ථාන කළමනාකරණය සදහා ඇති නිදහස.

එක් ආගමක් අදහන හෝ විශ්වාසය දරණ තැනැත්තෙකු වෙනත් ආගමකට හෝ විශ්වාසයක් කෙරෙහී යොමු කිරීම සදහා හෝ වෙනත් ආගමක් වැළද ගැනීමට පෙළඹවීම සදහා නිදහසක් ඇත්ද යන ප්රකශ්නය ද මෙහි දී නිතැතින් ඇති වේ.

මෙය ඉතා සංවේදී කාරණයක් බව සැළකිය යුතුයග මෙම කරුණ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවස්ථා කීපයක දීම විමසුමට ලක් කර ඇතග කිතුනු සහනයේ දොරටුව යාඥා මධ්‍යස්ථානය නැමති සංවිධානය නීතිගත කිරීම සදහා මන්ත‍්‍රිවරයකු විසින් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අවස්ථාවේ දී පුරවැසියකු විසින් එම කෙටුම්පත අභියෝගයට ලක් කරන ලදී.

මෙම මධ්‍යස්ථානය යාඥා පැවැත්වීමේ මධ්‍යස්ථානයක් සේ දක්වා තිබුන ද එහි අරමුණු අතර තිබූ වෙනත් කාරණා ද තිබුණිග ඒවා නම් රැකියා අවස්ථා ලබා ගැනීම සදහා පුද්ගලයන්ට සහායවීම සහ ස්වයං රැකියාවල යෙදීම සදහා සදහා පුහුණුව ලබාදීම යනාදියයිග මෙම අරමුණු යාඥා මධ්‍යස්ථානයක අරමුණුවලට බැහැර වූ ආර්ථික සහ සමාජ අරමුණු බව ඒවා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ආගමික අයිතිය යන කරුණට ඇතුලත් නොවන ඉන් බැහැර වූ දෙයක් බවත් පෙත්සම්කරු විසින් අධිකරණය වෙත කරුණු සැළකර සිටියේය.

අධිකරණය පෙන්වා දුන්නේ ආගමික නිදහස යන්නට පුද්ගලයකුගේ කැමැත්තල තෝරා ගැනීම කැමති ආගමක් හෝ විශ්වාසයක් ඇතිකර ගැනීමේ හෝ වැළදගැනීමේ නිදහස යන්න ඇතුලත් වන බවත් එවැනි තෝරා ගැනීමක් කිරීම සම්බන්ධයෙන් කිසිදු බාධාවක් නොතිබිය යුතු බවත් යග සෑම තැනැත්තෙකුටම එම මූලික තෝරා ගැනීමට ඇති අයිතිය ආණ්ඩුක්රසම ව්‍යවවස්ථාව මගින් සහතික කර ඇති බවත් එම තෝරා ගැනීම කිසිදු ආකාරයක අයුතු බලපෑමක්ලපෙළඹවීමක් හෝ වංචනික ක‍්‍රියාවක් යටතේ සිදු නොවිය යුතු බවත් අධිකරණය පැහැදිලි කර ඇත.

අධිකරණය තවදුරටත් පැහැදිලි කර තින්දු කර සිටියේ ආගමක් ප‍්‍රචාරය සදහා මූලික අයිතිවාසිකමක් ආණ්ඩුක්රතම ව්‍යවස්ථාව මගින් සළසා දී නොමැති බවයිග ව්‍යවස්ථාව මගින් සහතික කර ඇත්තේ සෑම තැනැත්තෙකුටම තමා විශ්වාස කරන ආගමල ලබ්ධියල විශ්වාසය අනුව වතාවත් වල යෙදීමටල වන්දනාමාන කිරීමටල ආගමික ඉගැන්වීම් අනුකූලව භාවිතාවේ යෙදීමට ඇති අයිතියයි.

ආර්ථික සමාජ තත්වය ඉහල නැංවීම සදහා සහායදීමේ වැඩ සටහන් මගින් අන්‍යගමිකයන් තම ආගමික වැඩ සටහන් සදහා පොළඹවා ගැනීම ආගමික නිදහස යන්න විකෘති කිරීමක් බවත් අධිකරණය ප‍්‍රකාශ කර ඇත.

Image
women & child abuse law

ගෘහ ප්‍රචන්ඩත්වය යන්න පවුල් ඒකක තුළ සිදුවන ප්‍රචන්ඩකාරී හැසිර

women & child abuse law

මෙය ළමයින්ගෙන් අයුතු ලිංගික ප්‍රයෝජන ගැනීමේ වරද යනුවෙන් අපගේ අ

women & child abuse law

බරපතල ලිංගික අපයෝජනය යන්න අපගේ අපරාධ නීතිය යටතේ දඩුවම් ලැබිය ය

women & child abuse law

ලිංගික හැසිරීමට ස්ත්‍රීය කැමැත්ත දුන්නා ය යන්න දූෂණ චෝදනාලත් බ

women & child abuse law

ලිංගික හැසිරීමක් ස්ත්‍රී දූෂණයක් ලෙස අර්ථ දැක් වූ විට එය අපරාධ වරදක් වේ. 

Human Rights

පෙම්වතුන් තානායම් කාමර හෝ හෝටල් කාමර වෙත ගොස් රිසි සේ පෙම්සුව විදීමට පෙළඹ

අපගේ වෘත්තීමය සේවාවන්

ඉඩම් නිරවුල්භාවය පරික්ෂා කිරීම

Elawyer.lk © 2018 Designed By Vishmitha.com

Search