ඔබට පොලීසීයකදී ගහන්න පුලුවන්ද?

ඔබට පොලීසීයකදී ගහන්න පුලුවන්ද?

Edited Version
වධහිංසා පිලීබඳ ඉතීහාසය බොහෝ ඇතට දිවයයි. ප්‍රසිද්ධ දෙඩම්පේ මුදලාලී නඩුව ලංකාවේ වදහිංසාව පිලිබඳ සංධිස්ථානයකී. මිනිසුන් හතරවෙනි තට්ටුවට බයවීමට ගත්තේ මුලින් 4 වෙනි තට්ටුවෙන් පැන්න යැයි කිවු දොඩම්පේ මුදලාලීගේ නඩුවේදී හෙළි වූයේ එසේ පැන්නා නොව පහලට තල්ලු කර ඇති බවත් පහරදීම් සිදුකර ඇතී බවත්ය.

ලංකාවේ වධහිංසාවන් සිදුවේ. ඒවා පිටු දැකීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මුලික අයිතිවාසිකම් පරීච්ඡේදයේ 11 වැනි ව්‍යවස්ථාවත්, මානව හිමිකම් කොමිසම් පනතත්, 1994 අංක 22 දරන වධහිංසා පිටු දැකීමේ පනතත් වැදගත්ය. මූලීක අයිතිවාසිකම් පුළුල්ව වධහිංසා සාකඡා කළ ද, මානව හිමිකම් කොමිසම් පනත හා වධ හිංසා පනත ශක්තීමත් දායකත්වයක් කරනැතී බව මගේ මතයයි.

මානව හිමිකම් කොමිසම් පනතෙන් මානව හිමිකම් කොමිසමට ලැබෙන බලතල හරහා කල හැකී දණ්ඩනීය සීමාව තීබීම් නිසා එය වඩා ශක්තිමත් එකක් ලෙස මම නොදකිමි. කෙසේ වෙතත් ශ්‍රෙෂ්ඨාධීකරණයයේ නඩු පැවරීමේ කාලය දීර්ඝ කර ගැනීමට මෙය පහසුවක් වේ. ඒ හැර පහරදීම වලක්වා ගැනීමටත් මානව හිමිකම් කොමිසම වැදගත්. ඒ වගෙම නඩු කියන්නේ නැත්නම් මානව හිමිකම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරවා ගන්න පුලුවන්.

ඔබ වධහිංසාවකට ලක් වුවහොත්???
වහාම ඔබ කල යුත්තේ කුමක්ද? ඔබ සාමාන්‍ය පුද්ගලයකුගෙන් වධහිංසාවට ලක්වුවහොත් පොලීසීය ඔබගේ සහයට එයි. ඔවුන් ඔබගේ සියලු අයීතීන් වෙනුවෙන් පෙනීසිටියි. ඔබට කරදර වීමට කිසීම හේතුවක් නැත. ඒත් පොලීසීය ඔබට පහර දුන්නොත් ඔබ වික්ෂිප්තයට පත්වේ. බයට පත්වේ කල යුත්තේ කුමක්දැයි ඔබට නොතේරේ.

මේවගේ අවස්ථාවක වහාම නීතීඥයකු හමුවන්න, ඒ වගෙම සල්ලී නැත්නම් අඩුම ගානේ නීතී අධාර කොමිසමටවත් යන්න. නැත්නම් මේ විෂයටම සහය වෙන ආයතන තිබේ.

ඔබට රජයේ කිසියම්ම හෝ නිලධාරීයෙක් පහර දුන්නොත් ඔබට මූලික අයීතිවාසිකම් නඩුවක් පැවරීය හැක. එම නඩුව ශක්තීමත්වීමට නම් කාරනා කීපයක් සපුරා තිබීම වැදගත්ය.

1. වහාම රෝහල් ගත වන්න. සමහර විට තුවාල නැ කියලා නොගිහින් ඉන්න එපා අභ්‍යන්තර තුවාල තීබෙන්න පුලුවන්.

2.  අධීකරන වෛද්‍ය නිලධාරීට පෙන්වා සියලු පහරදුන් තැන් පෙන්වා සිද්ධ වූ සියල්ල වෛද්‍යයවරයාගේ රෝග ඉතීහස සටහනේ සටහන් වීමට වග බලා ගන්න. පහර කැ අයට මෙය කරන්න බැරී නම් ඒ අයගේ පවුලෙ අය හෝ මිතුරන් මෙය කරන්න. මේක තමයි වැදගත්ම ලියවිල්ල. ඒවගෙම පවුලේ අය කරන පැමිණිල්ල පොලිසිය විසින් බාර ගත්තේ නැත්නම් පොලීස් අධීකාරීට පැමිනිලි කරන්න

3. රෝහලේ සිටීන විට රෝහල් පොලීසීය ඔබගෙන කට උත්තර ගැනීමට ආවීට නීතීඥ මහතකු නැතීව ප්‍රකාශ කිරීමට බැරී බව කියන්න. මන්ද පොලීසීය, පොලීසීයට පක්ෂපාත විය හැක කියන සාධාරන සැකය ඔබට ඇතීවීය හැකි නිසා. කෙසේ වෙතත් රෝහල් නිලධාරීන්ට සියල්ල ඉහත ආකාරයට කියන්න.

4. මේ සිද්ධීය දන්න සියලු දෙනාගෙන්, දැක්ක සියලු දෙනාගෙන් දිවුරුම් ප්‍රකාශ ලබාගෙන අත්සන් ගන්න

5. ඒවා ඡායාරුප හෝ විඩියෝ ගත වී ඇත්නම් ඒවා ලබා ගන්න දැන් CCTV ඇති නිසා වඩාත් පහසුය.

6. ඇඳ ඉහපත වර්තාව, රෝග නිශචය වාර්තාව හා Medico legal report ගන්න. ඒක හරියටම සිද්ධ උනාදැයි හොයා බලන්න. MLF රිපොර්ට් එක මහෙස්ත්‍රාත් අධීකරනයට එවන්න කියන්න. මේ ගැන මහෙස්ත්‍රාත් නඩුවක් යන එකත් වැදගත්

7. ඔබගේ මුලු අත්දැකීමම ලිඛිතව වර්තා ගත කරන්න

8. සමහර විට පොලීසීයෙන්ම ඔබව රෝහල් ගත කරත් මම ඉහතකී ලෙසම කරන්න රෝහලේදී ඔබට වඩා සුරක්ෂීත තත්ත්වයක් ඇති වේ.

9. යම් විටක ඔබව බන්ධනාගරගත කරාම ඔබ බන්ධනාගාරයට ඇතුලු කිරීමට පෙර එම බන්ධනාගාර නිලදාරීන්ට කියන්න ඔබට රජයේ නිලධාරියෙක් පහර දුන්න කියා සියලු විස්තර කියන්න වහාම රෝහල් ගත වන්න අවශ්‍ය බව කියන්න. එතකොට එම නිලධාරීන් ඔවුන්ඟේ ආරක්ශාවට ඔබව වෛද්‍යවරයකුට ඉදිරිපත් කරනු ඇත. එසේම අධිකරන වෛද්‍ය නිළධාරී වෙත ඔබව යොමු කරන්න කියන්න.

10. ඔබ වෛද්‍යවරුන්ට ඉදිරිපත් කල විට සහ මහෙස්ත්‍රාත් වෙත ඉදිරිපත් කළ විට තමන්ට පහර දුන් බව කියා වෛද්‍ය පරික්ෂණයක් ඉල්ලා සිටින්න. සමහර විට පහර දීලා මහෙස්ත්‍රාත් වෙත ඉදිරිපත් කරන්නේ නැ, සහ තර්ජනය කරනවා කිව්වොත් මරනව කියල. එහෙම වෙලාවට කැගහල කියන්න මට ගැහුවා කියල. මේවා අපිට නඩු වලදී හමු වුන කතා

11. මානව හිමිකම් කොමිසමට කල හැකි ඉතා වැදගත් දෙයක් තමයි පොලීසි වලට ගිහින් කරුනු සොයා බැලීම. ඒක මානව හිමිකම් කොමිසමෙන් හොඳට කෙරෙනවා. ඒ හින්දා ඔබට පොලීසියේ තියාගෙන ගහනවා නම් වහාම මානව හිමිකම් කොමිසමේ අංකවලට දිගටම කතා කරලා කොහොම හරි නිලධාරියෙක්ට කියල පොලීසීයට ඇමතුමක් දීගන්න. මොකද මානව හිමිකම් කොමිසමට පැමිනිලි කලාම පොලීසීය පහර දෙනවා නම් ඒක ඔවුන් නවත්වනවා. අපිට වැදගත් අපේ කෙනාගේ ජීවිතය බේරා ගන්න එකයි.

12. මූලික අයිතිවාසිකම් නඩුවක් දැම්මම මානව හිමිකම් කොමිසම තමන්ගේ පරීක්ෂණ අත්හිටවනවා. ඒවගෙම මානව හිමිකම් කොමිසමේ දෙන ලදු පතත් ඔබට හොඳම සාක්ෂියක් උසාවීයට යනකොට .

13. මුලික අයිතිවාසිකම් නඩුව දාන කොට මාසයක් ඇතුලත දැමිය යුතුයි. ඔබ රෝහලේ නම් රෝහලෙන් ආවට පස්සෙ ඉඳන් තමයි දින ගනන් ගන්නේ. ඔබ හිරේ හිටිය නම් හිරේ සිට අවාට පසුව තමයි දින 30 ගනන් ගන්නේ. ඒ වගේම මානව හිමිකම් කොමිසමට පැමිණිල් කළා නම් මාසයක් ඇතුලත, එතකොට දින 30 සීමාවේ ප්‍රශ්නයක් නැ. ඒත් සක්‍රීය පැමිණිල්ලක් වශයෙන් එය තියෙන්න ඔනා.

14. පහරදීම නඩුවල දී ලක්ශ 15 ට වඩා වන්දී දීපු වෙලවල් තියනවා

15. සුවීශේශ අවස්ථා හැර අධීකරණය වධහිංසා නඩු ඉල්ල අස් කර ගන්න දෙන්නේ නැ.

16. ඔබ හොරකමක් කරන කොට පොලීසීයෙන් ඔබ අල්ලගෙන ගිහින් ඉන්න කොට කළ පහරදීමකදී ඔබට අධීකරණයෙන් එතරම් අනුකම්පාවක් නොලැබුනත් ඔබ අහිංසකයි නම් පොලීසීය කියන්නේ බොරු නම් එහෙම සොරකම් චෝදනා කල පමනින් අධිකරනය නඩුව ඉවත දාන්නේ නැහැ. ඒ වගෙම සොරකමක් හෝ මිනීමැරුමක් කලා උනත් ඔබට පහර දෙන්න පොලීසීයටවත් කිසිම රජයේ නිලධාරීයෙක්ටවත් බැ.

17. මෙතනදී පිරිසිදු දැතින් අධිකරනයට යන්න ඔනෙ කියන කතාව තමයි මෙතැනදී භාවීතා වෙන්නේ

18. නඩුව මුලින්ම ගත්තම අධීකරනය විශේෂයෙන්ම බලන්නේ අධිකරන වෛද්‍ය වාර්තාව. එහි ඉතා පැහැදිලි නම් පහර දීම සිදුවී ඇති බව බොහෝ විට ඔබට ශක්තිමත් නඩුවක් තියනව. එහෙම අවස්ථාවල නඩුව පවත්වාගෙන යන්න අවසර දුන්නොත් අධිකරනය, එතකොට නීතීපතී දෙපාර්තමෙන්තුවත් පහරදීපු රජයේ නිලධාරීන්ට කියනවා තමන්ගේ වියදමින් නීතීඥයන් සොයා ගන්න කියලා. නීතීපතී දෙපාර්තමේන්තුව පෙනී සිටින්නේ නීතීපතී වෙනුවෙන් පමනයි කියලා. මොකද වධහිංසා නඩුවක නීතීපතී වගඋත්තරකරුවකු කිරීම අනිවාර්යයි.

19. ඊටපසු සති 6 කින් විරෝධතා ඉදිරිපත් කරනවා. අනතුරුව සති 2 කින් ප්‍රතිවිරෝධතා හා එකඟතාවය ඇතිකරගත් දිනයක විභාගය සිදු කරනවා. විභාගයට පෙර ලිඛිත දේශණ දුන්නේ නැත්නම් ඔබට නඩුවට පෙනීසීටීමට නොහැකී වීම හෝ ලොකු ගාස්තුවකට යටත් වෙන්න වෙනවා. එගැන ඔබේ නීතීඥ මහතාගෙන් අහන්න.

ඊටපසු නඩු තීන්ඳුව ඔබ වන්දි ඉල්ලුවොත් වන්දි ලැබීම තීරනය කරන්නේ අධීකරනය. ඔබට ඔනැම ගානක් ඉල්ලන පුලුවන් ඒත් දෙන්නේ අධීකරනය.

20. ඔබගේ නඩුව ගැන නීතීපතී දෙපාර්තමේන්තුවටත් දන්වල වධ හිංසා පනත යටතේ නඩු දාන්න කියලත් ඉල්ලීමක් කරන්න. නඩු දාන එක ඔබගේ අයිතිවාසිකමක්. පහරදීලා මැරිලා නම් පවුලේ කෙනෙක්ට නඩු දාන්න පුලුවන්.

21.  www.police.lk වෙබ් එකේ tell IGP තීරයට නිකමට පැමිනිල්ලක් දාන්න ඒවගෙම පොලිස් අධීකාරීටත් කියන්න ඒවගෙම එම පොලීස් පරීක්ශනවලට යනකොට නීතීඥවරයකුත් එක්ක යන්න ඒවගෙම කිසීම හේතුවකට එහීදී සමාදාන වෙන්න එපා.

22. ඔබේ නිවසට ඇවිල්ල ඔබව අත් අඩංගුවට ගත්තා නම් එසේ පැමිණි පොලිස් නිලධාරීන්ව හඳුනා ගන්න උත්සාහ කරන්න. ඔවුන්ගේ අංක හැඩරුව තරූ ගණන ඒවා සේරම මතක තියා ගන්න. ආව වාහනයේ අංකය මතක තබා ගන්නා. අත් අඩංගුවට ගන්නවා නම් හේතුව අසා ලදු පතක් ඉල්ලන්න.

මානව හිමිකම් Hotline එක 1996 or 011 2505575

වැදගත් සටහන්
ශ්‍රීයානි එරෙහීව ඉද්දමල්ගොඩ (Shreeyani Vs Iddamalgoda) නඩුව වැදගත් වෙන්නේ මේ නඩුවෙදී ගුටිකාපු කෙනා නැත්නම් අපරාධ වින්දීතයා මියගියා. අධීකරනය අවසර දුන්න බිරිඳට නඩුව පවරන්න මුලීක අයීතීවාසීකම් නඩු පවරන්න පුලුවන් වින්දීතයන්ට හෝ මහජන ලැදීයාවන් වලදී පමනක් නිසා. අනෙක තමයි සමහර නඩු අසාර්ථක වෙනවා අත් අඩංගුවට ගත්ත අය හෝ පහරදීපු අය නිසි ලෙස හඳුනා ගත්තේ නැත්නම්. සමහර විට පොලීසීය විත්තී වාචකයක් ගේනවා මේව අපී පහර දීපුවා නෙමෙයි බන්ධනාගාරයේ කරපු පහරදීම් කියල. මොකද බන්ධානාගාර ගත වෙන්න කලීන් ඒව හරීයට වාර්ථාවෙලා නැ. නැත්නම් බන්ධනාගාරයට ඇතුල් වෙනකොටම ඒව කියලා නැ.

අධීකරන වෛද්‍ය වාර්තාවක් ගන්න බැරී උනා නම් ලංකාවේ ඉන්න ප්‍රසිද්ධ අධීකරන වෛද්‍යවරයකු ගාවට චැනල් කරල ගිහින් පහරදීම් ගැන පහු වේලා හරී වර්තාවක් ගන්න. පොලීසීය සිවිල් පිට කරපු පහරදීමක් උනත් මේවගේ නඩුවකදී වැදගත් මොකද පොලීසීය කියන්නේ පැය 24 රැකියාවක්. තමන් ඉදීරීපත් කරන දීවුරුම් ප්‍රකාශ පරස්පරතා තියෙන්න බැ වෙලාවල් වල ස්ථානයේ හා එවැනී දේවල් වල. තමන් බීලද කියලත් වෛද්‍යයවරුන්ට පරීක්ශා කරන්න කියන්න. පොලීසීය සමහර විට කරන දෙයක් තමයි එහෙම දෙයක් උනේ නැ කියලා දීවුරුම් ප්‍රකාශ ගේනවා වෙනත් සිවිල් පුද්ගලයන්ගෙන් එවැනී දිවුරුම් ප්‍රකාශ වචනයෙන් වචනය පරීක්ශා කරල කරුනු බිඳින එක දක්ෂ නීතීඥවරයකුට කරන්න පුලුවන්.

නීතීඥ: ලක්ෂාන් ඩයස්