කාලීන (Current)

වේතනයටත් කොරෝනා සෑදෙයි ද ?

වේතනයටත් කොරෝනා සෑදෙයි ද ?

ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීම හේතු කොට ගෙන, හා /හෝ නිවාස  සහ ගම් නිරෝධායනයට යටත් වීම යන ක්‍රමය හේතු කොට ගෙන  ඒ ස්ථාන වලට සීමා වන පුද්ගලයින් හට ආහාර සැපයීම අත්‍යවශ්‍ය සේවා ලේබලය යටතේ එන රථ මගින් සිදු කිරීමේදී  සාධාරණ ලාභයක් සහ  අසාධාරණ, දැරිය නොහැකි මිල ගණන් අය කරන වෙළඳුන් හමුවේ පුද්ගලයින්ට මුහුණ දීමට සිදු වූ ප්‍රශ්නයට සමාන ප්‍රශ්නයක් ආර්ථික ක්‍රම වේදයට මෙම වෛරසය ආසාදනය වීම නිසා සිදු වී ඇතැයි සේවක ජනතාව අතරේ විශාල කතාබහකට ලක් වී ඇත.

කොවිඩ්-19 ලොක්ඩවුන් ගැටළු: වැටුප් කප්පාදු කිරීම, රැකියා අහිමිවීමේ අවධානම සහ සේවක පලිගැනීම

ලොක්ඩවුන් හේතුවෙන් ආර්ථික කටයුතු වසා දැමීම නිසා සේවක වැටුප් කප්පාදුවට ලක්වීමේ සහ රැකියා අහිමිවීමේ අවධානම ඉහල ගොස් ඇති බව පෙනී යයි. මෙම තත්වය බලපා ඇත්තේ පුද්ගලික අංශයේ රැකියා නියුතු වූවන් ට සහ ස්වයං රැකියාවන් හී නිරත වූවන්ටත් ය. රාජ්‍ය අංශයේ සේවකයෝ වාසනාවට මේ ගැටළුවට මුහුණ දී නැත. කවර තත්වයන් යටතේ වුවද ඔවුන් ආරක්ෂා වී සිටින්නේ රජයේ සේවකයන්ගේ රැකියා සුරක්ෂිතභාවය පිළිබදව ආණ්ඩුව වගකීම දරන නිසා ය.නමුත් අනිකුත් සේවකයන්ගේ රැකියා සුරක්ෂිතභාවය සුරැකෙන්නේ පුද්ගලික ව්‍යවසායකයාගේ ලාභ සුරක්ෂිතභාවය අනුව ය.

කොවිඩ්-19 ලොක්ඩවුන් ගැටළු: වැටුප් කප්පාදු කිරීම, රැකියා අහිමිවීමේ අවධානම සහ සේවක පලිගැනීම
විශේෂ පුවත්: මානව හිමිකම් කොමිෂන් සභාවේ ව්‍යාජ නිලධාරීන්

විශේෂ පුවත්: මානව හිමිකම් කොමිෂන් සභාවේ ව්‍යාජ නිලධාරීන්

ශ්‍රී ලංකා මානව හිමිකම් කකාමිෂන් සභාවේ නිලධාරීන් ලෙස පොලිසිය හමුවේ ව්‍යාජ ලෙස පෙනී සිටිමින් යම් අකටයුතුකම් සිදු කරන කණ්ඩායමක් පිළිබදව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ අවධානය යොමුව ඇත. ඔවුන් රාජය ලාංඡන සහිත හැඳුනුම්පත් පැළද සිට ඇත. අතීතයේ ද මෙවන් සිද්ධීන් පැවති නිසා මෙම සිදුවීම පිළිබඳව ද ශ්‍රී ලංකා මානව හිමිකම් ‌කොමිෂන් සභාව වඩාත් සැළකිලිමත් වේ. යම් නිලධාරිකයකුට හෝ මහජනතාවට යම් පුද්ගලකයකු ජාතික මානව හිමිකම් කොමිෂන් සභාව සත්‍ය ලෙස නියෝජනය කරන්නේදැයි යන්න පිළිබඳව සාධාරණ සැකයක් මතු වන්නේ, ඒ පිළිබඳව 1996 යන ක්ෂණික දුරකතන අංකය මගින් විමසා තහවුරු කර ගත හැකි බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි.

කොවිඩ්-19: ලොක්ඩවුන් නිසා ව්‍යාපාරික බදු කුලී ගෙවිය යුතුද?

කොවිඩ්-19 වෛරස් වංසගතය ලොව පුරා ව්‍යාප්තවීමට පටන් ගැනීම් සමගම මාර්තු 20 දින සවස 6.00 සිට රට ලොක්ඩවුන් කර, රටපුරා ඇදිරි නීතිය ක්‍රියාත්මක කරමින් වසංගත ව්‍යාප්තිය වැළැක්වීමේ මෙහෙයුම් රජය විසින් කඩිනම් කරන ලදී. මෙයින් සෘජුවම බලපෑමට ලක්ව ඇත්තේ රටේ ආර්ථික කටයුතු ය. මෙම ආර්ථික කටයුතු වල යෙදෙන අතිවිශාල සංඛ්‍යාවක් (නිෂ්පාදන කටයුතු මෙන්ම සේවා සැපයීමේ කටයුතුවල යෙදෙන) විසින් මුහුණ දී ඇති උභතෝකෝටික ගැටළුවක් වන්නේ තමන් විසින් ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාම සදහා බදු පදනම මත ලබාගෙන ඇති බදු දේපල සදහා බදු කුලිය ගෙවීම පිළිබද ගැටළුවයි. ආණ්ඩුවේ නියමයක් මත සියළු ආර්ථික සහ සමාජ කටයුතු අත්හිටුවා ඇති අවස්ථාවක අත්‍යාවශ්‍ය නොවන්නා වූ කිසිදු ව්‍යාපාරික කටයුත්තක නිරතවීමට ව්‍යාපාරිකයන්ට නොහැක. ඇදිරි නීතිය අඛණ්ඩව පැවතීම තුළ කිසිදු ආකාරයකින් ව්‍යාපාරික ස්ථාන විවෘත කිරිමේ අවස්ථාවක් ව්‍යාපාරිකයන්ට නැත. එසේ වූවත්, ව්‍යාපාරික ස්ථාන බදු දී ඇති දේපල හිමිකරුවන් විසින් බදුකරුවන්ගෙන් බදුකුලී ඉල්ලා සිටිමින් අසරණභාවයට පත්ව ඇති ව්‍යාපාරිකයන් තවදුරටත් අසරණභාවයට පත්කරමින් සිටින බව දැන ගැනීමට ඇත. ව්‍යාපාරය වසා දමා තිබුනත් මාසික බදු කුලිය ගෙවිය යුතු බවටත්, කුලි නොගෙවන්නේ නම් කුලී දේපල වහා භාර දිය යුතු බවටත් සමහර කුලී හිමියෝ තර්ජනය කරමින් සිටින බවටත් තොරතුරු පවතී. තවත් තැනක බදුහිමියකු විසින් පවසා ඇත්තේ කුලී නොගෙව්වහොත් තමා විසින් රදවා ගෙන ඇති අත්තිකාරම් මුදලින් හිග කුලී අය කර ගන්නා බවයි. මෙවැනි තර්ජන හමුවේ අසරණ භාවයට විශේෂයෙන්ම පත්ව සිටින්නේ සුළු ව්‍යාපාරිකයෝ සහ සේවා සපයන්නෝ ය. සමහර ව්‍යාපාර කරන තැනැත්තන් සිය මාසික බදු කුලිය පවා ගෙවා ගනු ලබන්නේ ඉතා දුෂ්කරතා මධ්‍යයේ ය.

කොවිඩ්-19: ලොක්ඩවුන් නිසා ව්‍යාපාරික බදු කුලී ගෙවිය යුතුද?
නිරෝධායනයට අදාල නීතිය

නිරෝධායනයට අදාල නීතිය

කොරෝනා වෛරසය තුරන් කිරීමට රජයට සහාය නොදෙන ඔබ අපරාධකරුවෙකි.

ඉතා රහසිගතව නමුත් සිඝ්‍රයෙන් පැතිර යන කොරෝනා කොවිඩ්-19 වෛරසය දැන් ශ්‍රී ලංකාවට ද ඇතුළු වී අවසාන ය. වෛරසය ආසාදනය වූ හෝ ආසාදනය වී ඇති බවට සැක සහිත සියලු තැනැත්තන් ද වෛරසය පැතිර ගොස් ඇති විදේශ රටවල සිට මෙරටට පැමිණ සිටින සියලු තැනැත්තන් ද නිරෝධායනයට ලක්විය යුතු බවට රජය විසින් දැනුම්දී ඇත. මෙම අර්බුදය ලොවටම දරුණු ලෙස බලපා ඇති නව අත්දැකීමක්වීම මත නිරෝධායනයේ වැදගත්කම තේරුම් ගැනීම සහ වෛරසයේ බලපෑම පිළිබද අනතුර පූර්වේක්ෂණය කිරීම අතිබහුතරයකට දුෂ්කර වී ඇත.

Image
Educating and assisting individuals and communities, social groups about legal rights and processes for accessing legal and administrative remedies
info@elawyer.lk
© 2020 Elawyer.lk. All Rights Reserved. Designed by Vishmitha.com