ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා (Constitution)

Doctrine Of Necessity: Buried In Pakistan, Not To Be Resurrected In Sri Lanka

Doctrine Of Necessity: Buried In Pakistan, Not To Be Resurrected In Sri Lanka

By Jayampathy Wickramaratne PC–

My article of last week, ‘Doctrine of Necessity: Lessons for Sri Lanka’ has evoked interest in the subject and I have been asked for my views on its implications for Sri Lanka, including on whether it can be invoked in the present circumstances.

පකිස්තානය විසින් වල දමන ලද, ශ්‍රී ලංකාව ගොඩ නොගත යුතු “අවශ්‍යතාවේ මූලධර්මය”

ජනාධිපති නීතීඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න –

අවශ්‍යතාවේ මූලධර්මය මුල් වරට සාකච්ඡාවට බඳුන් වුණේ අපරාධ නීතියේ මූලධර්මයක් ලෙසය. එමගින් මෙතෙක් අනීතික නොවූ යම් කිසිවක්, ඒ වන විට මතු වී තිබෙන අවශ්‍යතාව හේතුවෙන් නීතිමය බවට පත් කරනු ලැබේ. අපගේ දණ්ඩ නීති සංග‍්‍රහයේ 74 වගන්තිය පැහැදිලි කිරීමට යොදාගන්නා උදාහරණයකට අනුව එය මහා ගින්නක් තවදුරටත් පැතිරීම වළක්වාගැනීමට නිවාස කඩා බිඳ දැමීම වැනි ය. එහෙත් හානි වැළැක්වීමට කරන ක්‍රියාව වළක්වන්නට යන හානියෙහි ප්‍රතිඵලයට වඩා නරක ප්‍රතිඵලයක් ඇති නොකළ යුතු ය.

පකිස්තානය විසින් වල දමන ලද, ශ්‍රී ලංකාව ගොඩ නොගත යුතු “අවශ්‍යතාවේ මූලධර්මය”
Why Understanding The Constitution & An Elections Law Matters

Why Understanding The Constitution & An Elections Law Matters

By Prof. Savitri Goonesekere –
The postponement of the General Elections 2020 due to the Covid-19 pandemic has led to different viewpoints being expressed on the legal position. The focus is on two issues – the date of the General Election and the summoning of Parliament.

The Election Commission – Five Questions That Require Answers

By Nihal Jayawickrama –

The Election Commission has announced that it shall conduct the General Election on 20th June 2020. Over the media, politicians, journalists, and lawyer-politicians have defended that decision by providing inaccurate interpretations of certain constitutional provisions. I do not claim infallibility, but the relevant provisions of the Constitution have been stated in such clear terms that their meaning should be obvious to all except those who view it through politically tainted lenses.

The Election Commission – Five Questions That Require Answers
කොවිඩ්-19 සමග මතු වන නීතිමය ගැටළු: මැතිවරණ කොමිෂන් සභාවේ වගකීම සහ ජනාධිපතිවරයාගේ වගකීම

කොවිඩ්-19 සමග මතු වන නීතිමය ගැටළු: මැතිවරණ කොමිෂන් සභාවේ වගකීම සහ ජනාධිපතිවරයාගේ වගකීම

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් රට වසා දැමීමට සිදුවීමත් සමග මහා මැතිවරණය පැවැත්වීම, පාර්ලිමේන්තුව කැදවීම, මැතිවරණ කොමිෂන් සභාවේ වගකීම සහ ජනාධිපතිවරයාගේ වගකීම පිළිබදව නීතිමය ගැටළු සාකච්ඡාවට ලක්ව ඇත. ආචාර්ය නිහාල් ජයවික්‍රම මහතා මෙම සාකච්ඡාවට එක් වෙමින් ඉතා වැදගත් තීරණාත්මක ප්‍රශ්න පහක් මැතිවරණ කොමිෂන් සභාවේ අවධානයට ලක් කර ඇති මෙම ලිපිය කොලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් පුවත් මාධ්‍යයෙහි පළ කර ඇත. නීතිමය වශයෙන් පවතින කරුණු පෙන්වා දෙමින් සම්පාදනය කර ඇති එම ලිපිය විද්වත් ජනතාවගේ අවධානයට ලක්විය යුතු ලිපියක් ලෙස අප දකින හෙයින් බහුතර ජනතාවගේ දැනුවත්භාවය පිණිස එම ලිපිය මෙසේ පරිවර්තනය කර ඉදිරිපත් කරමු.

රාජ්‍ය ආරක්ෂාව පිළිබදව ජනාධිපතිවරයාට ඇති බලය කුමක්ද?

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පෙර මෙන්ම එම සංශෝධනය යටතේ ද රටේ ආරක්ෂාව ඇතුළුව ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරාපත් කර ගනු ලබන ජන රජයේ ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කළ යුත්තේය යනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇත. එසේ නමුත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක වන අවස්ථාවේ ධුරය දරමින් සිටි ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වී පවත්වන නව ජනාධිපතිවරණයකදී තෝරා පත් කර ගනු ලබන ජනධිපතිවරයාට ආරක්ෂක අමාත්‍ය ධුරය හෝ වෙනත් විෂයන් පිළිබදව හෝ බලතල හිමි නැත. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේම දක්වා ඇති අන්තර් කාලීන විධිවිධාන මගින් ඇතැම් විෂයන් සහ කර්තව්‍යයන් සිදු කිරීමේ බලතල එම අවස්ථාවේ සිටි ජනාධිපතිවරයාට (මෛත්‍රීපාල සිරිසේන) පමණක් ලබා දී ඇත.

රාජ්‍ය ආරක්ෂාව පිළිබදව ජනාධිපතිවරයාට ඇති බලය කුමක්ද?
ජනාධිපතිවරයාට වරදකරුවකුට සමාව දිය හැකිද?

ජනාධිපතිවරයාට වරදකරුවකුට සමාව දිය හැකිද?

කවර වූ හෝ වරදක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අධිකරණයක දී වරදකරුවකු කරන ලද වරදකරුවකුට සමාව දීමේ බලයක් ජනාධිපතිවරයාට ඇත. එහෙත් එම සමාවදීමේ දී (අ) සම්පූර්ණ සමාවක් දීමට හෝ (ආ) කොන්දේසි සහිත සමාවක් දීමට හෝ (ඇ) නියම කරන ලද දඩුවමක් ක්‍රියාත්මක කිරීම යම් කාල සීමාවක් දක්වා කල්තැබීමට හෝ (ඈ) නියම කරන ලද දඩුවම ලිහිල් කිරීමට හෝ (ඉ) නියම කරන ලද දඩුවමක් මුළුමනින්ම නිෂ්ප්‍රභා කිරීමට හෝ ඉන් කොටසක් අඩු කිරීමට හෝ (ඊ) යම් වරදක් සම්බන්ධයෙන් රජයට අයවිය යුතු යම් දඩයක් මුළුමනින්ම නිෂ්ප්‍රභා කිරීමට හෝ ඉන් කොටසක් අඩු කිරීමට හෝ (උ) වස්තුවක් රාජසන්තක කිරීමට නියම කරන ලද අවස්ථාවක නම් එසේ රාජසන්තක විය යුතු වස්තුවෙන් කොටසක් පමණක් රජයට ගැනීම හෝ ඒ වස්තුව මුළුමනින් රජයට ගැනීම අත්හිටුවීමට හෝ බලය ඇත.

Image
Educating and assisting individuals and communities, social groups about legal rights and processes for accessing legal and administrative remedies
info@elawyer.lk
© 2020 Elawyer.lk. All Rights Reserved. Designed by Vishmitha.com