ඔබ දික්කසාදවීමේ අදහසින් යුතුව සිටින්නෙක්ද? ඔබේ විවාහ ජීවිතය පිළිබදව ඔබතුල කිසිදු සංතෘප්තියක් නැති වුවත් නීත්‍යානුකූල විවාහයක් විසුරුවා හැරීම විවාහවීම තරම් සරළ නැත. ඔබ ඔබගේ විවාහ ජීවිතයේ සහකරුවා හෝ සහකාරිය අතහැර ගොස් කොපමණ කාලයක් ගත වුවද ඔබ දික්කසාද වූ අයෙකු සේ සළකන්නේ නැත. දික්කසාද නොවී ඔබට නැවත විවාහයක් ලියා පදිංචි කර ගැනීමේ හැකියාවක් ද නැත. එම නිසා විශේෂයෙන්ම වෙනත් විවාහයක් කර ගැනීමේ අදහසින් සිටින සෑම අයෙකුව අනිවාර්යයෙන් නීතිය මගින් දික්කසාදය ලබා ගත යුතුව ඇත. ඔබට දික්කසාදවීමට අවශ්‍ය නම් ඒ සදහා නීතිය මගින් පිලිගනු ලබන හේතුවක් හෝ හේතු කීපයක් තිබිය යුතුය.

නඩත්තු ඉල්ලා සිටිය හැක්කේ තමා  විසින්ම තමාව නඩත්තු කර ගැනීමට නොහැකි භාර්යාවකට හෝ ස්වාමි පුරුෂයකුට ය. මේ අනුව නඩත්තු ඉල්ලා සිටීමේ අයිතිය භාර්යාවකට මෙන්ම ස්වාමි පුරුෂයකුට ද ඇත. එම අයිතිය ක්‍රියාත්මක කර ගැනීමට බලාපොරොත්තු වන තැනැත්තා ඒ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පැවරිය යුතු වේ. එසේම එවැනි ඉල්ලීමක් කිරීමට ස්වාමිපුරුෂයාට හෝ භාර්යාවට නොහැකි තත්වයක් උද්ගත ව ඇති අවස්ථාවක ඔහු හෝ ඇය වෙනුවෙන් කවර තැනැත්තෙකුට වුවද නඩත්තු ඉල්ලා සිටීමට ඉදිරිපත් විය හැකිය.

මිය ගිය තැනැත්තෙකුගේ අන්තිම කැමති පත්‍රයක් ඇති බව කියා සිටින තැනැත්තා විසින් එම අන්තිම කැමති පත්‍රයේ අව්‍යාජ බව ඔප්පු කළ යුතුය.

එහිදී එම අන්තිම කැමති පත්‍රය අන්තිම කැමතිපත්‍රකරු විසින්ම අත්සන් කරන ලද බවත්, එම අවස්ථාවේ දී ඔහු මනා සිහිබුද්ධියෙන් යුතුව සිටි බවත්, කරුණු තේරුම්ගත හැකි තත්වයක සිටි බවත්, අන්තිම කැමති පත්‍රයේ සදහන් කර ඇති සියල්ල මනා සේ වටහා ගෙන සිය කැමැත්තෙන්ම අත්සන් කරන ලද බවත් ඔප්පු කළ යුතුය.

අන්තිම කැමති පත්‍රයක් යනුවෙන් විස්තර කරන්නේ කිසියම් පුද්ගලයකු තමාට අයත් දේපල තමා ජීවත්ව සිටින කාලය තුලදී කිසිවෙකුට නොපවරා එම දේපල තමාගේ මරණින් පසුව හිමිවිය යුත්තේ කාටද, කවර ප්‍රමාණයකට ද යන්න නියම කරමින් සකස් කරනු ලබන ලේඛණයක් වේ.

නඩතුත් ආඥාවක් අන්ව කටයුතු කිරීම පැහැර හැර ඇති තැනැත්තෙකු එම තැනැත්තාට එරෙහිව ආපදා වරෙන්තුවක් නිකුත් කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලීමක් කළ හැකිය.

නඩත්තු නඩුවක ආඥාව අනුව කටයුතු කිරීම නොසළකා හැර ඇත්නම් එම ආඥාව කඩ කරන සෑම විටක දීම ගෙවීම පැහැර හැරී එක් එක් මාසයේ සම්පූර්ණ දීමනාව හෝ ඉන් කොටසක් වෙනුවෙන් හෝ එක් මාසයක් දක්වා කාලයකට බරපතල වැඩ ඇතිව බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයාට බලය ඇත.

විවාහක යුවලකට විවාහයෙන් වසර ගණනක් ගත ව තිබුනත් දරු පල හට ගෙන නොමැති නම් ඒ සම්බන්ධයෙන් වෛද්‍ය පරීක්ෂණයකට ලක්ව තමන්ට දරු පල තිබේද නැත්ද යන්න ගැන නිශ්චිත නිගමනයකට පැමිණීමට නූතන වෛද්‍ය විද්‍යාව සහාය ලබා දෙයි. එ බව නිශ්චිතව දැනගත් සමහර විවාහකයෝ එය තමාගේ ලැබීම යැයි සිතා දරුවන් රහිතව තම ඉදිරි ජීවිත කාලය ගත කිරීමට තීරණය කරන අතර තවත් සමහර විවාහකයෝ අන් අයෙකුගේ දරුවකු දරුකමට ලබාගෙන හෝ තමාගේ දරුවකු ලෙසින් හදාවඩා ගැනීමට කැමැත්තෙන් සිටිති. අන් දෙමාපිය යුවලකගේ දරුවකු තමන්ගේ දරුවකු ලෙස හදා වඩා ගැනීමට භාර ගැනීම නීතියෙන් හදුන්වන්නේ කුලවද්දාගැනීම යනුවෙනි. දරුවකු කුලවද්දාගැනීම සිදු කරගත යුත්තේ නීතියේ දක්වා ඇති විධිවිධානයන්ට අනුකූලවය.

දරුවකු කුලවද්දා ගැනීම සදහා ඉල්ලුම් කිරීමට අදහස් කරන අයට ඒ සදහා මූලික සුදුසුකම් ඇත්නම් (සුදුසුකම් පිළිබද ලිපියක් වෙනම පලකර ඇත) නීතිඥවරයකුගේ මාර්ගයෙන් අදාල දිස්ත්‍රික්කයේ දිසා අධිකරණය වෙත යොමු කරන පෙත්සමක් සහ දිව්රුම් ප්‍රකාශයක් මගින් එම ඉල්ලීම කළ යුතුය. මෙම දිසා අධිකරණය එම දරුවා සිටින දිස්ත්‍රික්කයට අදාල දිසා අධිකරණය හෝ දරුවා ඉල්ලා සිටින තැනැත්තන් වෙසෙන දිස්ත්‍රික්කයේ දිසා අධිකරණය හෝ විය හැකිය.

මාර්ග අයිතිය යන්න ඉතා බහුල වශයෙන් ආරවුල් ඇති කර ගනු ලබන ප්‍රශ්නයක් වී ඇත. ඕනෑම ඉඩමකට යාමට සහ ඊමට පාරක් තිබිය යුතුය. එය මාර්ග අයිතියයි. සමහර ඉඩම් ප්‍රධාන මාර්ගයකට මායිම්ව පවතින විට එම ඉඩමට පිවිසීම සදහා විශේෂ මාර්ගයක් අවශ්‍ය නොවේ. හේතුව, ප්‍රධාන මාර්ගයෙන්ම ඉඩමට පිවිසීමට හැකි නිසාය. නමුත් ඉඩමක් කැබලි කර විකුණන ලබන අවස්ථාවක දී එම කැබලි වූ ඉඩම් වලට පිවිසීම සදහා මාර්ගයක් වෙන් කර තැබීම අත්‍යාවශ්‍ය වේ. නමුත් ඉඩම් කැබලි කර විකිණීමේ දී ඇතිවන දෝෂ නිසා සහ ඉඩම් ඔප්පු ලියා පදිංචි කිරීමේ දී ඇතිවන අඩු පාඩු නිසා ද මාර්ග අයිතිය පිලිබද විස්තර ඉඩම් ඔප්පුවේ සදහන් කිරීම අතපසුවීම නිසා ද මාර්ග අයිතිය පිළිබද ගැටළු සහ ආරවුල් ඇතිවන තත්වයක් පවතී. විශේෂයෙන්ම අනුන්ගේ ඉඩම් හරහා තම ඉඩමට පිවිසීමට පුරුදු වී ඇති අය මාර්ග අයිතිය පිළිබද නිරන්තර ආරවුල් ඇති කර ගෙන ඇත. එම නිසා මෙම ලිපියෙන් අදහස් කරන්නේ මාර්ග අයිතිය කුමක් ද යන්න පිළිබදව සරළව පැහැදිලි කිරීමට ය.

ඇටර්නි බලපත්‍රයක් යනු යම් කිසිවෙකුට අදාල අධිකරණයක බලසීමාවෙන් බැහැරව සිටීම නිසා තමා විසින් කළ යුතු නීත්‍යානුකූල කටයුතු කිරීම සදහා වෙනත් අයෙකුට බලය පැවරීමේ ලේඛණයයි.

ඒ අනුව කිසියම් කෙනෙකුට ශ්‍රී ලංකාව තුල කිසියම් නීතිමය වශයෙන් පිළිගැනීමට ලක් වන්නා වූ කටයුත්තක නිරතවීමට පුද්ගලිකවම පෙනී සිටීමට ඉතා ප්‍රබල වූ හේතුවක් නිසා නොහැකි වන්නේ නම් එවැනි අවස්ථාවක තමා වෙනුවෙන් සහ තමාගේ නමින් එවැනි කටයුත්තක් සදහා පෙනී සිට තමා වෙනුවෙන් එම කාර්යය ඉටු කරදීම පිණිස ඇටර්නි බලපත්‍රයකින් තවත් අයෙකුට බලය දෙයි.

මේ පිළිබද නීතිය ඇත්තේ විවාහ උරුම සහ අයිතිවාසිකම් ආඥා පනතේ ය.

දේපල උරුමය යනු මිය ගිය තැනැත්තෙකුගේ දේපලට උරුමකම් පෑම ය. ආඥා පනතේ  ඇති විධිවිධාන අනුව දේපල උරුම වන්නේ මෙසේය:

තෑගි ඔප්පුවක් අවලංගු කළ හැක්කේ අධිකරණයේ අවසරය ඇතිව පමණකි. එහෙත් තෑගි ඔප්පුව ලියා ඇත්තේ කිසිදු හේතුවක් නොදක්වාම අවලංගු කිරීමේ බලය තබා ගෙන නම් අධිකරණයේ අවසරය නොමැතිවම තෑගි ඔප්පුව අවලංගු කළ හැකිය.

පුද්ගලයකු මිය යන අවස්ථාවේ දී එම පුද්ගලයාගේ නමට ඇති සියළු චංචල සහ නිශ්චල දේපලවල වටිනාකම රුපියල් ලක්ෂ හතලිහකට (මිලියන 4 කට) වැඩි නම් එම දේපල සම්බන්ධයෙන් අයිතිවාසිකම් ලබා ගැනීම සදහා එම අයිතිවාසිකම් ඉල්ලා සිටින අය විසින් දිසා අධිකරණයේ බූදල් නඩුවක් පැවරිය යුතු ය.

කිසියම් ඉඩමක් කාලාන්තරයක් පුරා බුක්ති විදගෙන පැමිණි තැනැත්තෙකුට එම ඉඩම තමාගේ බුක්තියට සවි වී ඇතැයි කියන අවස්ථා අප බොහෝ විට අසා ඇත. මෙලෙස ඉඩම් තමන්ට අත්පත් කර ගැනීමේ හැකියාවක් නීතියෙන් පවතීද?

පෙම්වතුන් තානායම් කාමර හෝ හෝටල් කාමර වෙත ගොස් රිසි සේ පෙම්සුව විදීමට පෙළඹීම සාමාන්‍ය කරුණකි. නමුත් බොහෝ දෙනා සිතන්නේ එය නීති විරෝධී කාර්යයක් බවත් තමන්ව පොලිසියට පවා හසුවීමට ඉඩ ඇති බවත් යනුවෙනි. නමුත් එය එසේ නොවේ. හෝටල් කාමර හෝ තානායම් කාමර හෝ වටලා කිසිදු පෙම් යුවලක් හෝ ලිංගික සුවය ලබා ගැනීමේ අරමුණින් ම පැමිණි කිසිදු යුවලක් හෝ ලිංගික සුවය ලබාදීම පිණිස පැමිණි කිසිදු කාන්තාවක් හෝ අත්අඩංගුවට ගැනීමට නීතියෙන් බලයක් කිසිවෙකුට ලබා දී නැත.

තොරතුරු දැන ගැනීමේ අයිතිය ශ්‍රි ලාංකික පුරවැසියන් වෙත හිමි වූයේ ඉතා මෑතක දී හෙවත් 2016 වසරේ දීය. එම අයිතිවාසිකම ඔබ වෙත ලබා දුන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් කරන ලද 19 වැනි සංශෝධනය මගිනි.

1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි පරිච්ඡේදයේ 10 වැනි ව්‍යවස්ථාවට අනුව සෑම තැනැත්තෙකුටම තමන් කැමති ආගමක් ඇදහීමටත් යම් ලබ්ධියක් හෝ විශ්වාසයක් දැරීමේ නිදහසත් සිතීමේ සහ හෘදය සාක්ෂියේ නිදහසත් සදහා අයිතිය ඇත්තේය.

කිසිම තැනැත්තෙක් වදහිංසාවට හෝ කෘරල අමානුෂික හෝ අවමන් සහගත සැළකීමට හෝ එවැනි ආකාර දඩුවම් ලැබීමට හෝ ලක් නොකළ යුතු බව අපගේ ආණ්ඩුක්රමම ව්ය වස්ථාවේ දක්වා ඇත.

සමූපකාර විෂය පලාත් සභාවන්ට විමධ්‍යගත කරනු ලැබ ඇති විෂයකි. එක් එක් පලාත්වලට අදාල සමුපකාර සමිති එම පලාත් සභාව යටතේ පවත්නා සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව සහ සමූපකාර සේවක කොමිෂන් සභාවේ නියාමනය යටතේ ක්‍රියාත්මක වේ.

සමූපකාර සමිතියක විනය පාලන බලධාරියා වන්නේ එම සමිතියේ කාරක සභාවයි. නමුත් මේ සම්බන්ධයෙන් වූ මාර්ගෝපදේශ සමූපකාර සේවක කොමිෂන් සභාව විසින් සම්පාදනය කර ඇත. සමූපකාර සේවකයන් සම්බන්ධයෙන් වන විනයානුකූල ක්‍රියා පටිපාටිය පහත දක්වමු:

සමූපකාර සමිති සදහා සේවකයන් බදවා ගැනීමේ කාර්ය පටිපාටිය විධිමත් කිරීම සදහා ද, එමගින් ආයතනික පරිපාලනය වඩාත් විධිමත් සහ කාර්යක්ෂම කිරීම සදහා ද වන ක්‍රියා මාර්ග ගනු ලැබූයේ 1972 සමූපකාර සේවක කොමිෂන් සභා පනත මගිනි.

සමූපකාර සේවකයකුට එරෙහිව පවත්වන ලද විනය පරික්ෂණයකින් දඩුවම් ලැබු සේවකයකුට එම විනය නියෝගයට එරෙහිව අභියාචනා කළ හැකිය.

සමූපකාර සේවකයන්ට අදාල සාමාන්‍ය නිවාඩු සම්බන්ධයෙන් සමූපකාර සේවක කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර ඇති සමුපකාර සේවක කාර්ය විධිවිධාන සංග්‍රහයේ දක්වා ඇත.

සමූපකාර සේවකයන්ට අදාල සාමාන්‍ය නිවාඩු සම්බන්ධයෙන් සමූපකාර සේවක කොමිෂන් සභාව විසින් ප‍්‍රකාශයට පත් කර ඇති සමුපකාර සේවක කාර්ය විධිවිධාන සංග‍්‍රහයේ දක්වා ඇත.

හවුල් ව්‍යාපාරයක් ඇති වන්නේ හවුල්කරුවන් අතර ඇති කර ගනු ලබන එකගතාවයෙනි. එය ප්‍රකාශිතව හෝ ව්‍යාංගයෙන් වුවත් තිබිය හැකිය. නමුත් වංචාවන් සිදු වීම වැළැක්වීම සදහා හවුල් ව්‍යාපාරයක් ලිඛිතව තිබීම වැදගත්ය. අපගේ නීතිය අනුව රු. 1,000.00 හෝ ඊට වැඩි අරමුදල් ඇතිව ව්‍යාපාරය ආරම්භ කරන්නේ නම් එය ලිඛිතව තිබිය යුතුය. එසේම එය ව්‍යාපාර නාම ලියා පදිංචි කිරීමේ ආඥා පනත අනුව නියමිත ගාස්තු ගෙවා ලියා පදිංචි කළ යුතුය.

දැනට ක්‍රියාත්මක වන පුද්ගලික සමාගමක් වසා දැමීමට අවශ්‍ය නම් එය ගණන් බේරා වසා දැමීම කළ යුතුය. ගණන් බේරා වසා දැමීම පහත ඇති ක්‍රම 3 න් එක් ක්‍රමයකින් කළ හැකිය:

  1. ස්වෙච්ඡාවෙන්
  2. අධිකරණය විසින්
  3. අධිකරණයේ අධීක්ෂණයට යටත්ව

දැනට ක්‍රියාත්මක වන පුද්ගලික සමාගමක් වසා දැමීමට අවශ්‍ය නම් එය ගණන් බේරා වසා දැමීම කළ යුතුය. ගණන් බේරා වසා දැමීම පහත ඇති ක්‍රම 3 න් එක් ක්‍රමයකින් කළ හැකිය:

  1. ස්වෙච්ඡාවෙන්
  2. අධිකරණය විසින්
  3. අධිකරණයේ අධීක්ෂණයට යටත්ව

ව්‍යාපාර කරනු ලබන පුද්ගලයන්ට තමන්ගේ ව්‍යාපාරයට නීතිමය පිළිගැනීමක් ඇති කර ගැනීම අත්‍යවශ්‍ය කරුණක් වී තිබේ. මේ ව්‍යාපාර තනි පුද්ගල අයිතිය ඇති ව්‍යාපාර මෙන්ම, හවුල් ව්‍යාපාර සීමාසහිත වගකීම් ඇති ව්‍යාපාර, සීමාරහිත වගකීම් ඇති ව්‍යාපාර, ඇපයෙන් සීමිත වගකීම් ඇති ව්‍යාපාර වශයෙන් ආර්ථිකය තුල ක‍්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකාවේ විවිධාකාර රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාත්මක වේ. සමහර සංවිධාන විදේශ රටක් මූලස්ථානය සහිතව ක්‍රියාත්මක වන සංවිධාන වේ. එවැනි සංවිධාන ශ්‍රී ලංකාව තුළ තම කාර්යාල පිහිටුවාගෙන තම වැඩ සටහන් ක්‍රියාත්මක කරති. තවත් සංවිධාන දේශීය සංවිධාන වේ. මෙම සංවිධාන කවරක් වූවද පිහිටුවනු ලබන්නේ සමාජයීය කාර්යභාරයක් ඉටු කිරිම පිණිස වන හෙයින් එම සෑම සංවිධානයක්ම සමාජ සේවා දෙපාර්තමේන්තුවේ සහ රාජ්‍ය නොවන සංවිධාන අධීක්ෂණ ලේකම් කාර්යාලයේ අධීක්ෂණයට ලක් වන බව සදහන් කළ යුතුය.

කාන්තාවන් මෙන්ම වයස අවුරුදු 18 ට අඩු ළමුන් පීඩාකාරී ලෙස සේවයේ යෙදවීම වැළැක්වීම සදහා නීතියක් සම්පාදනය කරන ලද්දේ 1956 අංක 47 දරන පනතින් ය. එම නීතිය වරින් වර සංශෝධනය කරනු ලැබ ඇත.

කර්මාන්ත ශාලාවල සේවය කරන කම්කරුවන්ට සිදුවිය හැකි ශාරීරික අනතුරු, රෝග ආබාධ හා වෙනත් පීඩාවන්ගෙන් ඔවුන්ව ආරක්ෂා කර ගැනීම සදහා කර්මාන්ත ශාලා තුළ ක්‍රියාත්මක කළ යුතු විධිවිධාන නීතිගත කර ඇත්තේ 1942 අංක 45 දරන කර්මාන්ත ශාලා ආඥා පනත මගිනි. මෙම පනත වරින් වර සංශෝධනයට ලක් කර ඇත.

මෙයට අදාල වන්නේ සාප්පු සහ කාර්යාල සේවක පනතයි.

සාප්පුවක් යනු කුමක්ද? සාප්පුවක් යනු සිල්ලර හෝ තොග වෙළදාම කරගෙන යනු ලබන ස්ථානයක්, හෝටල, භෝජන ශාලා, ආහාර පාන වර්ග විකුණන ස්ථාන, බාබර සාප්පු හෙවත් සැලොන්, ඡායාරූප ශාලා, ලොන්ඩ්‍රි ඇතුළු වෙළද ව්‍යාපාර කරගෙන යනු ලබන ස්ථානයි.

විධිමත් අභ්‍යන්තර විනය පරික්ෂණයකට අදාල විධිවිධාන මොනවාද?
ආයතන වල, කාර්යාල වල හෝ වැඩබිම්වල සේවය කරද්දී සේවකයන් අතින් විවිධ ආකාරයේ වැරදි, අත්වැරදි සිදු විය හැකි අතර සමහර වැරදි හෝ අත්වැරදි හිතා මතාම චේතනාන්විතවම සිදු කළ ඒවා විය හැකිය. සමහර වැරදි චේතනාවකින් තොරව සිදු වූ අත්වැරදි විය හැකිය. කුමණ ආකාරයක අත්වැරද්දක් හෝ වරදක් වුවත් එය ආයතනයේ පැවැත්මට, පරිපාලනයට, ලාභයට බලපෑමක් විය හැකි තරමේ හානියක් විය හැකිය. සේවකයකු විසින් කිසියම් එවැනි විෂමාචාර ක්‍රියාවක් සිදු කර ඇතැයි සේවා යෝජකයාට පෙනී යන අවස්ථාවක ඒ පිළිබද ව විමර්ශනය කිරීමේ බලය ඕනෑම සේවා යෝජකයකුට ඇත. එවැනි විමර්ශනයක් හදුන්වන්නේ අභ්‍යන්තර විනය පරීක්ෂණයක් ලෙසයි. එවැනි අභ්‍යන්තර විනය පරීක්ෂණයක් කරන්නේ කෙසේද?

පුද්ගලික අංශයේ සේවා ස්ථාන වල වැඩ පුහුණුවන්නන් වශයෙන් බදවා ගනු ලැබූ අය එම පුහුණුව අවසානයේ දී සේවයට බදවා ගනුලබන බවට කොන්දේසි හා නියමයන් ඇතුළත් ගිවිසුමකට බැදෙන ලෙස සේවා යෝජකයන්ට නියම කිරීමට 1978 අංක 8 දරන පනත මගින් විධිවිධාන සළසා ඇත.

කිසිසේත්ම එසේ කළ නොහැකිය. හාම්පුතුන් හෙවත් සේවා යෝජකයන් විසින් හිතුවක්කාර ලෙස තමාගේ සේවයේ නියුක්ත සේවකයකු හෝ සේවකයන් අස් කිරීම වැලැක්වීම සදහා සේවය අවසන් කිරීමේ විශේෂ  විධිවිධාන පනත 1971 අංක 45 දරන පනතින් විධිවිධාන යොදා ඇත.

Image
women & child abuse law

ගෘහ ප්‍රචන්ඩත්වය යන්න පවුල් ඒකක තුළ සිදුවන ප්‍රචන්ඩකාරී හැසිර

women & child abuse law

මෙය ළමයින්ගෙන් අයුතු ලිංගික ප්‍රයෝජන ගැනීමේ වරද යනුවෙන් අපගේ අ

women & child abuse law

බරපතල ලිංගික අපයෝජනය යන්න අපගේ අපරාධ නීතිය යටතේ දඩුවම් ලැබිය ය

women & child abuse law

ලිංගික හැසිරීමට ස්ත්‍රීය කැමැත්ත දුන්නා ය යන්න දූෂණ චෝදනාලත් බ

women & child abuse law

ලිංගික හැසිරීමක් ස්ත්‍රී දූෂණයක් ලෙස අර්ථ දැක් වූ විට එය අපරාධ වරදක් වේ. 

Human Rights

පෙම්වතුන් තානායම් කාමර හෝ හෝටල් කාමර වෙත ගොස් රිසි සේ පෙම්සුව විදීමට පෙළඹ

අපගේ වෘත්තීමය සේවාවන්

ඉඩම් නිරවුල්භාවය පරික්ෂා කිරීම

Elawyer.lk © 2018 Designed By Vishmitha.com

Search