ELawyer.lk යනු නීතිය පිළිබදව සරළ ලෙස සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීම සදහාත්, විවිධාකාර වූ නීතිමය ගැටළු පිළිබදව මූලික අදහසක් හෝ ඇති කර ගැනීමට නොහැකිව සිටින තැනැත්තන් වෙත තමාගේ ගැටළුව කුමක් ද යන්න වටහා ගැනීමට සහායදීම සදහාත් දරනු කරනු ලබන සමාජ මෙහෙවරක් වශයෙන් හදුන්වා දිය යුතුය. එහෙයින් ELawyer.lk යනු කිසි ලෙසකින් හෝ නීතිය පිළිබද හදාරණ සිසුන්ට හෝ නීතිඥවරුන්ට හෝ අවශ්‍ය දැනුම හෝ තොරතුරු සම්පාදනය කිරීම අරමුණු කර ගත වෙබ් අඩවියක් නොවන බව සැළකිය යුතුය. එම නිසා මෙහි පළවන ලිපිවල බරපතල නීතිමය සිද්ධාන්ත, නඩු තීන්දු, ව්‍යාවස්ථාපිත අණ පනත්වල ඇති වගන්ති උපුටා දැක්වීම් හැකි පමණ අවම කර නීතිය සරළ ලෙස ඉදිරිපත් කිරීමට අපි උත්සාහ කරමු.

සමාජ මෙහෙවරක් ලෙස සළකා තම තමන්ගේ පුද්ගලික ජීවිතයට සහ පොදු සමාජ කාරණා පිළිබදව පවතින නීතිය කුමක්ද යන්න පිළිබදව සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීම ශක්තිමත් පුරවැසි සමාජයක් බිහි කිරීම සදහා වන අත්‍යවශ්‍ය කරුණක් සේ අපි සළකමු.

මෙම වෙබ් අඩවිය සදහා ලිපි සපයනු ලබන සියළු දෙනා වෘත්තියෙන් නීතිඥවරුන් වන අතර ඔවුන් සිය නීතිඥ වෘත්තීයේ යෙදෙමින් තම ප්‍රායෝගික වෘත්තීමය අත්දැකීම් ද අනුසාරයෙන් මෙම බොහෝ ලිපි සපයනු ඇත. එසේම නීතිය පිළිබදව පවතින නව ප්‍රවනතාවයක් සහ නව සංවර්ධනයන් පිළිබදවත් ජනතාව දැනුවත් කිරීම ද අපගේ තවත් අරමුණක් වේ.

පොදු ජනතාවගේ යහ පැවැත්ම සදහා මෙන්ම පුද්ගලයන්ගේ පුද්ගලික කාරණාවන්ට අදාල සුවිශේෂ නීතිමය තත්වයන් පිළිබදව සරළ බසින් ලිපි සැපයිම සදහා නිතිඥ මහත්ම මහත්මින්ට අපි මෙහි ඉඩ කඩ විවර කර ඇත. එසේම මෙම වෙබ් අඩවිය කිසිදු ආකාරයකින් නීති උපදෙස් සපයන ස්ථානයක් නොවන බවත්, නීතිය පිළිබද කාරණා විශ්ලේෂණය කිරීම සදහා මෙහි පළවන ලිපි කිසිදු ස්ථානයක උපුටා දැක්වීම නොකළ යුතු බවත් මෙම වෙබ් අඩවිය පරිශීලනය කරන තැනැත්තන් වෙත දන්වා සිටිමු. තමාට ඇති නීතිමය ගැටළුවක් ප්‍රායෝගිකව විසදා ගැනීමට අදහස් කරනු ලබන තැනැත්තන් මෙම වෙබ් අඩවියේ පළවනු ලබන ලිපි මත පදනම් නොවී පුද්ගලිකවම සුදුසු නීතිඥවරුන් හමු වී අවශ්‍ය ප්‍රතිකර්ම සොයා ගැනීම සිදු කළ යුතු බව ද සදහන් කරමු.

නීතිඥ ගාමිණී කිරින්දගේ, නීතිඥ ශ්‍රීමාල් වීරක්කොඩි, නීතිඥ දුලාංජලී හෙට්ටිආරච්චි, නීතිඥ ධනංජය තිලකරත්න, නීතිඥ රුක්මා පතිරණ

Image
women & child abuse law

ගෘහ ප්‍රචන්ඩත්වය යන්න පවුල් ඒකක තුළ සිදුවන ප්‍රචන්ඩකාරී හැසිර

women & child abuse law

මෙය ළමයින්ගෙන් අයුතු ලිංගික ප්‍රයෝජන ගැනීමේ වරද යනුවෙන් අපගේ අ

women & child abuse law

බරපතල ලිංගික අපයෝජනය යන්න අපගේ අපරාධ නීතිය යටතේ දඩුවම් ලැබිය ය

women & child abuse law

ලිංගික හැසිරීමට ස්ත්‍රීය කැමැත්ත දුන්නා ය යන්න දූෂණ චෝදනාලත් බ

women & child abuse law

ලිංගික හැසිරීමක් ස්ත්‍රී දූෂණයක් ලෙස අර්ථ දැක් වූ විට එය අපරාධ වරදක් වේ. 

Human Rights

පෙම්වතුන් තානායම් කාමර හෝ හෝටල් කාමර වෙත ගොස් රිසි සේ පෙම්සුව විදීමට පෙළඹ

අපගේ වෘත්තීමය සේවාවන්

ඉඩම් නිරවුල්භාවය පරික්ෂා කිරීම

Elawyer.lk © 2018 Designed By Vishmitha.com

Search